ග්‍රීක යුද නෞකාවක් ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ ස්ථානගත කිරීමට සූදානමින්

ග්‍රීක යුද නෞකාවක් ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ ස්ථානගත කිරීමට සූදානමින්

ග්‍රීක යුද නෞකාවක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට යොදවා ඇති බවත් එය ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ ස්ථානගත කිරීමට ඉඩ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පැය කිහිපයකට පෙර බ්‍රසල්ස්හිදී,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant විසින් බටහිර ජාතීන්ගේ නේටෝ හමුදා සන්ධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ව දැනුවත් කර ඇති බවද සඳහන්

නේටෝ සාමාජිකයින් හමාස් සංවිධානයේ අසාධාරණ ත්‍රස්ත ක්‍රියා හෙළා දුටු නමුත් එයට සමානුපාතිකව ප්‍රතිචාර දක්වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා

එමෙන්ම යුද නීති පවතින බවත් ගැටුම දිග හැරෙන විට සිවිල් වැසියන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍ය බවත් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටෙනර්ග් සඳහන් කරනවා

නිශ්චිත ආධාර සම්බන්ධයෙන් ගත් කල, නේටෝ සාමාජිකයින් රැසක් පවසන්නේ ඔවුන් ඊශ්‍රායලයට ප්‍රායෝගික සහාය ලබා දෙන බවයි.

 

 

 

Share This