ත්‍රස්තවාදී සංවිධාන සඳහා කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ – Elon Musk

ත්‍රස්තවාදී සංවිධාන සඳහා කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ – Elon Musk

සමාජ මාධ්‍ය වේදිකාවක් වන මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ ”X” යෙදවුමෙහි ත්‍රස්තවාදී සංවිධාන සඳහා ඉඩක් නොමැති බව සඳහන් කරමින් හමාස් සංවිධානයට අයත් ගිණුම් සිය ගණනක් ඉවත් කර තිබෙනවා.

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් පසුව අදාළ පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

X මහජන සංවාදයන් වෙනුවෙන් කැපවී සිටින අතර මෙවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී වේදිකාව හරහා ප්‍රචාරය කරන නීති විරෝධී අන්තර්ගතයන් සඳහා අවධානය යොමු වීම සිදුවිය යුත්තක් නොවන බව ඔවුන් සඳහන් කරනවා.

ත්‍රස්තවාදී සංවිධාන හෝ ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම් සඳහා X හි ඉඩක් නොමැති බවත්, ක්‍රියාශීලී කණ්ඩායම් ඇතුළුව එවැනි ගිණුම් ඉවත් කරන බවත් සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසනවා.

යුරෝපීය සංගමයේ කර්මාන්ත ප්‍රධානී Thierry Breton විසින් Elon Musk වෙත නිකුත් කරන ලද නිවේදනයකට අනුව X සමාගම මේ සඳහා ක්‍රියාත්මක වී තිබෙනවා.

ඒ අනුව ත්‍රස්තවාදය පතුරන හමාස් කණ්ඩායමට අයත් ගිණුම්වලට පැය 24ක් අවසන් දැනුම්දීම සිදු කර ඇති අතර නීති රෙගුලාසිවලට යටත් නොවන සියලු ගිණුම් ඉවත් කිරීමටයි X සමාගම කටයුතු කර ඇත්තේ.

Share This