ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු පමණ මිය ගිය බවට වාර්තා

ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු පමණ මිය ගිය බවට වාර්තා

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල සහ විදේශීය ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුවත් මිය ගොස් ඇති බව හමාස් සන්නද්ධ අංශය පවසනවා

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ඉලක්ක කළ ස්ථාන පහකදී විදේශිකයන් ඇතුළු සිරකරුවන් 13 දෙනෙකු මිය ගිය බව Izzedine al-Qassam Brigades නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

හමාස් සංවිධානය ඔක්තෝම්බර් 7 වන දින ප්‍රහාරය දියත් කරන විට 150 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් තිබුණා .

අනතුරු ඇඟවීමකින් තොරව ඊශ්‍රායලය විසින් සිවිල් වැසියන්ගේ නිවෙස්වලට බෝම්බ ප්‍රහාර එල්ල කළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවටයි හමාස් සංවිධානය මීට පෙර දැනුම් දුන්නේ

එමෙන්ම ගාසා තීරය මේ වනවිට විශාල හානියකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ,

ආහාර හිඟය, ඉන්ධන නොමැතිකම, ජලය නොමැතිවීම මෙන්ම ගාසා තීරයේ උතුරේ ජීවත්වන මිලියනයකට අධික ජනතාවට දැඩිව බලපෑ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගාසා තීරයේ උතුරේ ජීවත්වන මිලියන 1.1ක පමණ ජනතාවකට පැය 24ක කාලයක් තුල දකුණු කොටසට නැවත පදිංචි වන ලෙස ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා දැනුම් දෙනු ලැබුවා

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඊශ්‍රායලයේ ඉවත් කිරීමේ නියෝගයෙන් පසුව, උතුරු ගාසා තීරයෙන් අවදානමට ලක්විය හැකි රෝගීන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකි බව ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇති බවයි.

උග්‍ර ලෙස රෝගාතුර වූ පුද්ගලයින් සිටින අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමේ එකම අවස්ථාව යාන්ත්‍රික වාතාශ්‍රය වැනි ජීවිත ආධාරක මත තිබීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Tarik Jasarevic පවසනවා

 

Share This