රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමට – ජලය, ආහාර, බලය සහ ඖෂධ හිඟවීමෙන් තත්ත්වය බැරෑරුම්

රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමට – ජලය, ආහාර, බලය සහ ඖෂධ හිඟවීමෙන් තත්ත්වය බැරෑරුම්

අපේක්ෂා කරන පරිදි ඉදිරි පැය 24 තුළ ගාසා තීරයේ සියලුම රෝහල්වල ඉන්ධන සංචිත අවසන්වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා .

ජලය, ආහාර, බලය සහ ඖෂධ හිඟවීම හේතුවෙන් ගාසා තීරයේ මිනිසුන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආසන්නයේ තවදුරටත් රැස් වෙමින් සිටින බව වාර්තා වනවා

ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයේ උතුරු ප‍්‍රදේශයේ වෙසෙන මිලියන 1.1ක පලස්තීනුවන්ට දකුණ ප්‍රදේශයට යන ලෙසයි දැනුම් දී ඇත්තේ

මේ අතර එක්සත් ජාතීන් ඊශ්‍රායලයෙන් මානුෂීය ආධාර ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා

පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට පහර දීමෙන් ඊශ්‍රායලයේ 1,400 කට වැඩි පිරිසක් මිය ගිය බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 2,450 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, සුන්බුන් යට තවත් 1,000 ක් පමණ ජනතාව අතුරුදහන් වී ඇතැයි පලස්තීන බලධාරීහු පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This