ධනුෂ්කට එරෙහි ක්‍රිකට් තහනම ඉවතට

ධනුෂ්කට එරෙහි ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව අදාළ පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට එම කමිටුව පත් කර තිබුණා.

2022 වසරේ නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්කට එරෙහිව ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

කෙසේවෙතත් පසුව පැවති නඩු විභාගයකින් අනතුරුව එල්ල වූ සියලු චෝදනාවලින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ අතර අනතුරුවයි ඔහුට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම අත්හිටුවා ඇත්තේ.

Share This