
ආසියානු පැරා මළල ක්රීඩා තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම චීනයට
චීනයේ Hangzhouහි පැවැත්වෙන ආසියානු ක්රීඩා තරගාවලියට සමගාමී 04 වන පැරා මළල ක්රීඩා තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම අද(17) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 26 දෙනෙක් ඇතුළත් වනවා.
දිනේෂ් ප්රියන්ත කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනවා.
ශ්රී ලංකා කණ්ඩායම මළල ක්රීඩා , ටේබල් ටෙනිස් , පිහිනුම් , බැට්මින්ටන් ඇතුළු ක්රීඩා ඉසව් කිහිපයක් සදහා සහභාගී වීමට නියමිතයි.
මෙම තරගාවලිය එළඹෙන 22 වනදා සිට 28 දක්වා පැවැත්වෙන බවයි ආසියානු පැරා මළල ක්රීඩා සංගමය නිවේදනය කරන්නේ.
