ත්‍රස්ත සැකකරුවන් 35 දෙනෙකුගේ නම් සහ ඡායාරූප කෙන්යානු රජය ප්‍රසිද්ධ කරයි

ත්‍රස්ත සැකකරුවන් 35 දෙනෙකුගේ නම් සහ ඡායාරූප කෙන්යානු රජය ප්‍රසිද්ධ කරයි

කෙන්යානු රජය විසින් වෙරළබඩ ලමු ප්‍රාන්තයේ මෑත කාලීන සටන්කාමී ප්‍රහාර පිටුපස සිටින බවට සැලකෙන ත්‍රස්ත සැකකරුවන් 35 දෙනෙකුගේ නම් සහ ඡායාරූප නිකුත් කර තිබෙනවා

ඔවුන් අතර ටැන්සානියානුවන්, සෝමාලි ජාතිකයන්, ජර්මානු ජාතිකයෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ බංග්ලාදේශ පුරවැසියෙකු සිටින බවත් බහුතරය කෙන්යානුවන් බවත් සඳහන්

සැකකරුවන් විවිධ මාර්ගවල පුපුරණ ද්‍රව්‍ය (IEDs) ස්ථානගත කිරීම සහ Lamu-Witu-Garsen අධිවේගී මාර්ගයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධ වී තිබෙනවා

2020 දී ලමු හි මැන්ඩා බේ හි අමෙරිකානු හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයට ද ඔවුන් සම්බන්ධ බවයි වාර්තා වී ඇත්තේ

කිසියම් සැකකරුවෙකු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු සපයන ඕනෑම කෙනෙකුට සැලකිය යුතු ත්‍යාගයක් පිරිනමන බවද බලධාරීහු පවසනවා

Share This