අමෙරිකානු ජනපති ඊශ්‍රායලයට ළඟා වෙයි

අමෙරිකානු ජනපති ඊශ්‍රායලයට ළඟා වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මීට සුළු මොහොතකට පෙර ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහුව පිළිගනු ලැබුවා

සංචාරය අතරතුර ජෝ බයිඩන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා පවත්වනු ඇති

කෙසේවෙතත් ඊයේ (17) රාත්‍රියේ ගාසා හි අල් අහ්ලි රෝහලේ පිපිරීමෙන් පසු පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු අරාබි නායකයින් සමග සැලසුම් කළ රැස්වීමක් දැනටමත් අවලංගු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

Share This