
නවසීලන්ත – ඇෆ්ගනිස්ථාන තරගය ඇරඹෙයි; පළමුව පන්දු රකින ඇෆ්ගනිස්ථානය
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 7ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටියා.
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ 16 වන තරගය වන මෙය චෙන්නායි හිදී පැවැත්වෙනවා.
