ගාසා තීරයට ආධාර රැගත් ට්‍රක් රථවලට පැමිණීමට ඉඩදීම හොඳ ආරම්භයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයට ආධාර රැගත් ට්‍රක් රථවලට පැමිණීමට ඉඩදීම හොඳ ආරම්භයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ට්‍රක් රථ 20ක් දක්වා ගාසා තීරයට ඇතුළු වීමට එකඟතාව පළ කිරීම හොඳ ආරම්භයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසනවා

කෙසේවෙතත් නැගෙනහිර මධ්‍යධරණී කලාපය සඳහා වන කලාපීය හදිසි අධ්‍යක්ෂ ආචාර්ය රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම ආධාර මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා සංකීර්ණතා රාශියක් ඇති බවයි.

ආරම්භයක් ලෙස මූලික ගිවිසුම යටතේ ට්‍රක් රථ 20 ක් දක්වා ඉඩ ලබාදී ඇතැත් දිනකට ආධාර ට්‍රක් රථ 100ක් දක්වා බෙදා හැරීම මෙහි අරමුණ බවයි ආචාර්ය රිචඩ් බ්‍රෙනන් සඳහන් කරන්නේ

ජල හිඟය ගසාහි වැසියන්ට බලපා ඇති බැවින් ආධාර සඳහා අවශ්‍යතාවය උත්සන්න වී ඇති බවද ඔහු පවසනවා

Share This