ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 203ක් දක්වා ඉහළට – 12 හැවිරිදි Noya මරුට

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 203ක් දක්වා ඉහළට – 12 හැවිරිදි Noya මරුට

අවම වශයෙන් ගාසා තීරයේ මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් 203ක් රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක Daniel Hagari පවසන්නේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 203 දෙනෙකුගේ පවුල් වෙත හමුදාව විසින්මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.

එමෙන්ම ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය විසින් අල්ලාගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු මියගොස්‌ සිටියදී සොයා ගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා

80 හැවිරිදි Carmela Dan සහ ඇගේ 12 හැවිරිදි මිනිබිරිය Noya Dan Kibbutz Nir Oz හිදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනුණා

කෙසේවෙතත් සිරුරු සොයාගත් ස්ථානය පිළිබඳව ඊශ්‍රායලය ප්‍රකාශ කර නැහැ

 

Share This