
පන්දුව අතට ගත් කෝලි (VIDEO)
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ මේ වන වීට පැවැත්වෙන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පන්දු යැවීම සිදු කළා.
තරගය අතරතුරදී පන්දු යවමින් සිටි හර්දික් පාන්ඩ්යා ආබාධයකට ලක්වූ අතර ඒ වන විට ඔහුගේ පළමු පන්දුවාරයේ දී පන්දු 3ක් යවා තිබුණා.
කෙසේවෙතත් ආබාධ තත්ත්වය හේතුවෙන් පාන්ඩ්යාට ආපසු ක්රීඩාගාරයට යාමට සිදුවීම හේතුවෙන් එම පන්දුවාරය සම්පූර්ණ කිරීම සඳහා ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඉදිරිපත් වී තිබෙනවා.
