
රටට කීර්තියක් ගේන්න – සිංගප්පූරු යන තරුණියන්
ලබන 22 සිට 28 දක්වා සිංගප්පූරුවේ පැවැත්වෙන නේෂන් කප් නෙට්බෝල් තරගාවලියට දුලංගි වන්නිතිලකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ද සහභාගී වීමට නියමිතයි.
ඒ අනුව ඇයගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අද(19) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට ද පැමිණ තිබුණා.
එහිදී එම කණ්ඩායම අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් හමු වී සුහද සාකච්ඡාවක ද නිරත වූ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
