
ඉන්දියාව ලැබූ විශිෂ්ට ජය
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස් කළා.
එහිදී Litton Das ලකුණු 66ක් සහ Tanzid Hasan ලකුණු 51ක් ලබා ගත්තා.
තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 257ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 261ක් ලබා ගනිමින් ජයග්රහණය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී සුපිරි ඉනිමක් ක්රීඩා කළ විරාත් කෝලි පන්දු 97ක් තුළ ලකුණු 103ක් ලබාගත්තා.
තරගයේ ලකුණු සටහන පහතින්….


