
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන්ගෙන් ශතක දෙකක්
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය ශතකය බැගින් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
ඒ, මේ වන විට පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගයේදීයි.
එහිදී David Warner සහ Mitchell Marsh මෙලෙස ශතකය බැගින් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
මෙය David Warner ගේ 21 වන ශතකය වන අතර Mitchell Marsh ගේ 2 වන ශතකය වන බව සඳහන්.
Warner පන්දු 85කින් ශතකය රැස්කළා.
Mitchell Marsh පන්දු 101කදී සිය ශතකය රැස් කිරීමට සමත් වුණා.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින වෝනර් හයේ පහර 7ක් සහ හතරේ පහර 11ක් සමගින් මේ වන විට ලකුණු 124ක් ලබා සිටිනවා.
Mitchell Marsh හතරේ පහර 77ක් සහ හයේ පහර 10ක් සමගින් ලකුණු 121ක් ලබා ගත්තා.
