
හර්දික් පාණ්ඩ්‍යාට නවසීලන්තය සමග තරගය අහිමි වෙයි
ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ උප නායක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලාන තරගාවලියේ මීළඟ තරගය අහිමි වී තිබෙනවා.
ඔහුගේ පාදයේ සිදු කළ ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව එක්වන මීළඟ තරගය වන නවසීලන්තයට එරෙහි තරගය ඔහුට අහිමි වනු ඇති.
ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේදී පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වුණා.
කෙසේවෙතත් තරගාවලියේ ඉදිරි තරග සඳහා හර්දික් පාණ්ඩ්‍යාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
