ඉන්දියාවෙන් ගාසා තීරයට මානුෂීය ආධාර

ඉන්දියාවෙන් ගාසා තීරයට මානුෂීය ආධාර

ඉන්දියාව විසින් ගාසා තීරය වෙත මානුෂීය ආධාර තොගයක් යවා තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය ආධාර ටොන් 6.5කට ආසන්න ප්‍රමාණයක් සහ ආපදා සහන ද්‍රව්‍ය ටොන් 32ක් මෙලෙස යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 වර්ගයේ ගුවන් යානයකින් එම ආධාර තොගය යොමු කර ඇති අතර එය ඊජිප්තුවේ El-Arish ගුවන් තොටුපළ වෙත ළඟා වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

මීට අමතරව තවත් රටවල් රැසක් ගාසා තීරය වෙත මානුෂීය ආධාර ලබාදෙන බවට සහතික වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ආධාර තොග යොමු කර තිබුණා.

Share This