ඊශ්‍රායල ප්‍රහාරවලින් Damascus සහ Aleppo ගුවන් තොටුපළවලට හානි

ඊශ්‍රායල ප්‍රහාරවලින් Damascus සහ Aleppo ගුවන් තොටුපළවලට හානි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ Damascus සහ Aleppo ගුවන් තොටුපළවලට හානි සිදුව තිබෙනවා.

ප්‍රහාරවලින් ගුවන් තොටුපළ සේවකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව එම ගුවන් තොටුපළ සේවකයින් කඩිනමින් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමද අත්හිටුවා තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම ආරම්භ වීමෙන් පසු එකවර ප්‍රහාර එල්ල වූ දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This