ජනන යන්ත්‍රවල ඉන්ධන අවසන් වුවහොත් ගාසා තීරයේ රෝහල්වල සිටින ළදරුවන් අනතුරේ

ජනන යන්ත්‍රවල ඉන්ධන අවසන් වුවහොත් ගාසා තීරයේ රෝහල්වල සිටින ළදරුවන් අනතුරේ

ජනන යන්ත්‍රවල ඉන්ධන අවසන් වුවහොත් ගාසා තීරයේ රෝහල්වල සිටින ළදරුවන්ට අනතුරක් විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා

ගාසා තීරය පුරා රෝහල් සැපයුම් අඩාල වී ඇති බවයි පැවසෙන්නේ

පසුගිය සෙනසුරාදා ඊජිප්තුවේ සිට පළමු ආධාර ට්‍රක් රථ 20ක් ඇතුළුවුවද, ගැටුම ආරම්භ වූ දා සිට ගාසා තීරයට ඉන්ධන ඇතුළු වී නොමැති බව සඳහන්

ඊයේ (22) යුනිසෙෆ් සංවිධානය අනතුරු ඇඟවූයේ ඉන්කියුබේටර්වල සිටින ළදරුවන් 120 ක් මෙන්ම නොමේරූ අලුත උපන් බිළිඳුන් 70 ක් ද සිටින බවයි

එමෙන්ම ඔවුන් ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ විදුලිය විසන්ධි වූ විට යොදවා ඇති උපස්ථ ජනන යන්ත්‍රවලට සම්බන්ධ යන්ත්‍රවලට සම්බන්ධව සිටින බවද සඳහන්

මේ අතර ගාසා තීරයේ රෝහල් අසල පිපිරීම් වාර්තා වී ඇති අතර ජීවිත හානි සිදුවී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

 

Share This