ඉවත් කිරීමේ නියෝගය නැවත සලකා බලන්නැයි WHO ඊශ්‍රායලයෙන් ඉල්ලයි

ඉවත් කිරීමේ නියෝගය නැවත සලකා බලන්නැයි WHO ඊශ්‍රායලයෙන් ඉල්ලයි

ඉවත් කිරීමේ නියෝගය නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරේ සිටින සියලුම දෙනාට රෝහල්වල සිටින අය ඇතුළු කලාපයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

නමුත් එම කාර්යය නිසි පරිදි සිදුකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Tarik Jašarević සඳහන් කරන්නේ

“සරලව ගෙන යා නොහැකි රෝගීන් එහි සිටිනවා , බොහෝ දෙනෙක් යාන්ත්‍රික වාතාශ්‍රය මත සිටින්නේ, අලුත උපන් බිළිඳුන් ඉන්කියුබේටර්වල ඉන්නේ අස්ථායී තත්ත්වයන් යටතේ සිටින පුද්ගලයින් සිටිනවා, ඔවුන් චලනය කිරීම ඉතා අපහසුයි ” යනුවෙන්ද Tarik Jašarević වැඩිදුරටත් පවසනවා

Jašarević පවසන්නේ ශල්‍ය හා කම්පන ද්‍රව්‍ය ට්‍රක් රථ හතරක් මෙන්ම නිදන්ගත රෝග සඳහා ඖෂධ මෑතකදී රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ගාසා තීරයට ගෙන ආ නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි.

දේශසීමාවේ ඊජිප්තු පැත්තට යාමට අවශ්‍ය ද්‍රව්‍ය සහිත ට්‍රක් රථ වැඩි ප්‍රමාණයක් තිබෙන නමුත් ඒවා ආරක්ෂිතව ගෙන ඒමට හැකි බවට ආරක්ෂක සහතිකයක් නොමැති බවද ඔහු පවසා සිටිනවා .

Share This