ගාසා තීරයේ මියගිය ළමුන් ගණන 2,000ක් දක්වා ඉහළට

ගාසා තීරයේ මියගිය ළමුන් ගණන 2,000ක් දක්වා ඉහළට

ගාසා තීරයේ මියගිය ළමුන් ගණන 2000ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලමින් ආධාර ආයතන පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිකම නිසා තවත් ළදරුවන් සහ රෝහල්වල සිටින තුවාල ලැබූවන් ඉක්මනින් මිය යනු ඇති බවට වෛද්‍යවරුන් අනතුරු අඟවන බවයි.

ගුවන, ගොඩබිම සහ මුහුද යන සියල්ලෙන්ම ගාසා තීරය පාලනය කරන හමාස් සටන්කාමී කණ්ඩායමට එරෙහිව “බහුපාර්ශ්වික මෙහෙයුමක්” සඳහා රට සූදානම් වන බව ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඊයේ(23) ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔක්තෝබර් 7 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සහ ඊශ්‍රායෙල් ජාතිකයන් 1,400ක් පමණ ඝාතනය කර, 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුව ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය හමාස් සංවිධානය විනාශ කර දැමීමට ප්‍රතිඥා ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This