ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයකට සූදානම්

ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයකට සූදානම්

ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයකට සූදානම් වන නමුත් එය කවදා සිදුවේදැයි ඔහු නොකියන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළි අවධාරණය කරනවා .

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ටෙල් අවිව් නුවරදී මෙය ආරම්භය පමණක් යනුවෙන්ද පැවසූ බවයි සඳහන් වන්නේ

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර පෙර තිබූ තත්ත්වයට ආපසු යාමක් කිසිදු දිනක සිදු වනු නොමැති බවයි.

එමෙන්ම මේ වනවිට ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමග රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා තිබෙනවා .

ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන පැමිණීම අවහිර කර ඇති අතර හමාස් සංවිධානය එය ගබඩා කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ

Share This