අමෙරිකාවේ Maine ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22ක් මරුට – සැකකරුවෙකු අත්අඩංගුවට

අමෙරිකාවේ Maine ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22ක් මරුට – සැකකරුවෙකු අත්අඩංගුවට

අමෙරිකාවේ Maine ප්‍රාන්තයේ Lewistonහි අවන්හලක සහ පන්දු යැවීමේ මංතීරුවක සිදුවූ සමූහ වෙඩි තැබීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් 50 ත් 60 ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව නීතිය බලාත්මක කිරීමේ කණ්ඩායම් සඳහන් කරනවා.

තත්ත්වය තවදුරටත් පවතින බැවින් ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි පොලිසිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සිද්ධියට සම්බන්ධ 40 හැවිරිදි Robert Card නම්වූ පුද්ගලයෙකු සැකකරුවෙකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Maine හි පොලිස් නිලධාරීන් පවසන්නේ Robert Card පුහුණුව ලත් ගිනි අවි උපදේශකයෙකු සහ එක්සත් ජනපද හමුදා සංචිතයේ සාමාජිකයෙකු බවයි.

Maine ප්‍රාන්තයේ Lewistonහි සිදුවූ සමූහ වෙඩි තැබීම්වලින් පසුව ජනාධිපති Joe Biden නිලධාරීන් සමග සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

Share This