ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් ගණන තවත් ඉහළට

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් ගණන තවත් ඉහළට

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 224 දෙනෙකු රඳවාගෙන සිටින බව ඊශ්‍රායල හමුදාව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා .

මෙය පසුගියවර කළ යාවත්කාලීනයට වඩා දෙදෙනෙකුගේ වැඩිවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ වනවිට සමස්තයක් වශයෙන් හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු නිදහස් කර තිබෙනවා

ඒ අමෙරිකානු මවක් සහ දියණියක් මෙන්ම ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙක් වශයෙනුයි.

Share This