සති දෙකක් අතුරුදහන් වී සිටි පුද්ගලයෙක් අමෙරිකාවේ බටහිර වෙරළෙන් හමුවේ

සති දෙකක් අතුරුදහන් වී සිටි පුද්ගලයෙක් අමෙරිකාවේ බටහිර වෙරළෙන් හමුවේ

සති දෙකකට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙක් අමෙරිකාවේ බටහිර වෙරළට කිලෝමීටර් 110 ක් ඔබ්බෙන් ජීවිතාරක්ෂක යාත්‍රාවක පාවෙමින් සිටියදී සොයාගෙන තිබෙනවා.

මේ පුද්ගලයා සෙවීමට දියත් කළ මෙහෙයුම් අත්හිටුවා දින දෙකකට පසුව ඔහුව මෙලෙස හමුවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔක්තෝබර් 12 වන දින වොෂින්ටන් ප්‍රාන්තයේ Gray වරායෙන් අඩි 43ක නෞකාවක නැගී ඔහු මුහුදට පිටත්ව ගොස් තිබෙනවා.

King-TV පුවත්පත සඳහන් කරන්නේ මෙම පුද්ගලයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොලොම්බියාවේ ටොෆිනෝහි රෝහලකට ගෙනගිය බවයි.

එමෙන්ම ඔහු සමග පිටත්ව ගිය තවත් නාවිකයෙකු හමුවී නොමැති අතර, සිද්ධිය පරීක්ෂණ මට්ටමේ පවතින බව වෙරළාරක්ෂක බලකාය පවසනවා.

මෙම පුද්ගලයා හමුවීමත් සමග ඔහු සමග සිටි අනෙක් අයව සොයාගැනීමට විමර්ශන නැවතත් ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This