ගාසා තීරයේ සන්නිවේදන අවහිරතා ඉවත් වෙයි

ගාසා තීරයේ සන්නිවේදන අවහිරතා ඉවත් වෙයි

ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන සම්බන්ධතා අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරමින් සිටින අතර, ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා තවත් හමාස් ඉලක්ක සිය ගණනකට ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ගාසා තීරයේ මෙහෙයුම් ක්‍රමයෙන් පුළුල් කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

කෙසේ වෙතත් පසුගිය 07 වැනිදා සිට ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවන බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ

Share This