ගාසා තීරයේ සිවිල් සාමය පිරිහෙමින් පවතිනවා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගාසා තීරයේ සිවිල් සාමය පිරිහෙමින් පවතිනවා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

සති ගණනාවක් පුරා එල්ලවන ප්‍රහාරවලින් පසු ගාසා තීරයේ සිවිල් සාමය පිරිහෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා

මේ අතර මිනිසුන් පැවැත්මට අත්‍යවශ්‍ය දෑ ගැනීමට ගබඩාවලට කඩා වදින බවයි පැවසෙන්නේ .

ඔක්‌තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 7,950 දක්වා ඉහළ ගොස් ඇති බව රාමල්ලාහි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා

එම අමාත්‍යාංශයේ වාර්තාවට අනුව මියගිය අයගෙන් හතරෙන් තුනක් එනම් 73% ප්‍රමාණයක් ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු අවදානමට ලක්විය හැකි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

20,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

වාර්තා වූ මරණ සංඛ්‍යාවට වෛද්‍ය නිලධාරීන් 116ක් ඇතුළත් වනවා

ඇඳන් 2,000 ක ඒකාබද්ධ ධාරිතාවක් සහිත උතුරු ගාසා තීරයේ රෝහල් 24ක් ඉවත් කරන ලෙස දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ

Share This