හමාස් සටන්කාමීන් පැහැරගත් 23 හැවිරිදි තරුණිය මරුට

හමාස් සටන්කාමීන් පැහැරගත් 23 හැවිරිදි තරුණිය මරුට

හමාස් සංවිධානය විසින් සංගීත උත්සවයකදී පැහැරගත් 23 හැවිරිදි Shani Louk මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් නෝවා සංගීත උළෙලේදී පැහැරගෙන ගිය 23 හැවිරිදි තරුණිය පැහැරගෙන ගොස් තිබෙනවා.

මියගිය තරුණියගේ සිරුර සොයාගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

තරුණියගේ සිරුර හමාස් ට්‍රක් රථයක පිටුපසින් තිබී හමුවූ බවයි වාර්තා වන්නේ.

සටන්කාමීන් ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී උතුරෙන් සහ දකුණෙන් උත්සවයට යන මාර්ගය අවහිර කළ අතර, සමාජ මාධ්‍යවල හුවමාරු වන දර්ශනවලට අනුව ඔවුන් තුන් පැත්තකින් සෙනඟ වට කර, ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.

Share This