රෆාහි දේශසීමා අද විවෘත වනු ඇති බවට බලාපොරොත්තුවක්

රෆාහි දේශසීමා අද විවෘත වනු ඇති බවට බලාපොරොත්තුවක්

බරපතල තුවාල ලැබූ පලස්තීනුවන්ට ඊජිප්තුවේ ප්‍රතිකාර ගැනීමට ඉඩ සැලසීම සඳහා රෆාහි දේශසීමා අද විවෘත වනු ඇතැයි විශ්වාස කෙරෙනවා

රෆා දේශසීමා විවෘත විය හැකි බවට වන විශ්වසනීය වාර්තා ගැන ගාසා තීරයේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට දැනුම් දුන් නමුත් වැඩිදුර තොරතුරු නොමැති බවයි එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය පවසන්නේ

මේ අතර ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ල කළ බවට තහවුරු කර තිබෙනවා

ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ හමාස් අණ දෙන නිලධාරියෙකු මිය ගිය අතර හමාස් හි භූගත යටිතල පහසුකම් බිඳවැටීමට හේතු වූ බවයි ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ

හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් අධ්‍යක්ෂවරයෙකු පවසන්නේ අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගිය බවයි.

ඔක්තෝබර් 7දා එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400ක් මියගිය අතර අවම වශයෙන් පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් තිබෙනවා

එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Share This