රෆා හරස් මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමෙන් පසු 400කට වැඩි පිරිසක් පිටව යයි

රෆා හරස් මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමෙන් පසු 400කට වැඩි පිරිසක් පිටව යයි

සති තුනකට වැඩි කාලයක් තුළ පළමු වතාවට ඊජිප්තුවට රෆා හරස් මාර්ගය සිවිල් වැසියන්ට විවෘතවීමත් සමග 400කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා ජාතිකයින් 76 දෙනෙකුට මේ වන විට පිටව යාමට හැකි වී ඇති බවයි පලස්තීන බලධාරීහු සඳහන් කරන්නේ

භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද වනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ රෆා හරස් මාර්ගය විවෘත කිරීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් බවයි.

ගාසා හි දුරකථන සහ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බව සැපයුම්කරු Paltel පවසනවා

පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400ක් ඝාතනය කළ හමාස් ප්‍රහාරයෙන් පසු ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එමෙන්ම ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

Share This