රුසියාව පැය 24ක් තුළ යුක්‍රේන නගර සහ ගම්මාන 118කට ප්‍රහාර එල්ල කරයි

රුසියාව පැය 24ක් තුළ යුක්‍රේන නගර සහ ගම්මාන 118කට ප්‍රහාර එල්ල කරයි

රුසියාව පැය 24ක් තුළ යුක්‍රේන නගර සහ ගම්මාන 118කට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා

මෙවැනි සිදුවීමක් මේ වසරේ වෙනත් කිසිම දිනක සිදු නොවූවක් බවද යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko පවසනවා .

යුක්‍රේනයේ කලාප 27 න් 10ක්ම ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයෙන් මරණයට පත්වූ හා තුවාල සිදුවූවන් රැසක් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

Avdiivka ප්‍රදේශයේ පමණක් ප්‍රහාර 20ක් මැඩපැවැත්වූ බව යුක්‍රේනයේ සන්නද්ධ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩලය පවසනවා

එමෙන්ම රුසියාව ඊසානදිග Kharkiv ප්‍රදේශයේ Kupyansk නගරයට ප්‍රහාර දියත් කර ඇති අතර යුක්‍රේන හමුදා Bakhmut අවට භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීම නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා .

Share This