උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරට දෙවන වරටත් ඊශ්‍රායලයෙන් ප්‍රහාර

උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරට දෙවන වරටත් ඊශ්‍රායලයෙන් ප්‍රහාර

උතුරු ගාසා තීරයේ ජනාකීර්ණ ජබල්යා සරණාගත කඳවුරට ඊශ්‍රායලය දෙවන වරටත් බෝම්බ හෙලා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ප්‍රහාරය හමාස් විසින් පාලනය කරන ලද ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක අංශය විස්තර කළේ දෙවන සංහාරයක් ලෙසිනුයි .

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ප්‍රහාරය හමාස් අණදෙන සහ පාලන සංකීර්ණයක් ඉලක්ක කර ගත් බවයි.

උතුරු ගාසා තීරයේ සේවය කරන ඉතිරිව ඇති රෝහල් කිහිපයෙන් එකක් පවසා ඇත්තේ එහි ප්‍රධාන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇති බවත් එය රෝගීන්ගේ බිය තීව්‍ර කර ඇති බවත්ය .

මානුෂීය සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් අලුත් කරමින් ගාසා තීරයේ ඛේදවාචකයේ පරිමාණය පෙර නොවූ විරූ බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රධානියා පවසා තිබෙනවා

Share This