ඉතාලියට බලපෑ Ciarán කුණාටුවෙන් තිදෙනෙක් මරුට – 6ක් අතුරුදන්

ඉතාලියට බලපෑ Ciarán කුණාටුවෙන් තිදෙනෙක් මරුට – 6ක් අතුරුදන්

මධ්‍යම ඉතාලියට බල පෑ තද සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා

පසුව ඇතිවූ ගංවතුර හේතුවෙන් මෝටර් රථ ගසාගෙන ගොස් ඇති අතර ආර්නෝ ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙන බවද සඳහන්

රෝහල් ගංවතුරින් යටව ඇති බවයි පැවසෙන්නේ

Ciarán කුණාටුව බටහිර යුරෝපය පුරා පැතිරෙමින් ජීවිත 10කට වඩා අහිමිකර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු එංගලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ජර්මනියට මෙන්ම ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අත්ලාන්තික් වෙරළ තීරයට ද කුණාටුව කඩා වැදී ඇති බැවින්, ප්‍රංශයේ වයඹ වෙරළ තීරයේද දැඩි සුළං වාර්තා වී තිබෙනවා .

කුණාටුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ටස්කනි වෙත ළඟාවීමෙන් පසු ප්‍රාදේශීය ආණ්ඩුකාර ඉයුජිනියෝ ගියානි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර
වෙරළ තීරයේ Livorno සහ ෆ්ලෝරන්ස් අසල Prato සහ Montemurlo නගර දරුණුතම බලපෑමට ලක් වූ බවයි වාර්තා වන්නේ

 

Share This