කෙන්යානු කාන්තාවකගේ සිරුරක් බොස්ටන් ගුවන් තොටුපළෙන් සොයා ගැනේ

කෙන්යානු කාන්තාවකගේ සිරුරක් බොස්ටන් ගුවන් තොටුපළෙන් සොයා ගැනේ

Massachusetts හි බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කෙන්යානු කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා

ඇගේ ඝාතකයා සොයා එක්සත් ජනපද සහ කෙන්යානු බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගුවන් තොටුපළේ නවතා තිබූ මෝටර් රථයක මගී අසුනක තිබී 31 හැවිරිදි Margaret Mbitu ගේ සිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් අමානුෂික ලෙස ඇයගේ සිරුරේ තුවාල තිබූ බවද පොලිසිය පවසනවා .

ප්‍රධාන සැකකරු වන Mbitu ගේ සහකරු වන Kevin Kangethe, ඇයගේ සිරුර ගුවන් තොටුපළේ අතහැර දමා කෙන්යාවට පලා ගිය බවටයි විශ්වාස කෙරෙන්නේ .

Margaret Mbituගේ මව බොස්ටන් පවසා තිබෙන්නේ ඇගේ සැමියාවන Kevin Kangethe සමග පැවති සම්බන්ධය අවසන් කිරීමට උත්සාහ කළ බවයි.

Share This