ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කරයි

ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කරයි

ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේදී පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නැගෙනහිර ජෙරුසලමේ උප නගරයක් වන අබු ඩිස් හිදී එල්ල කරන ලද ප්‍රහාරයකිනුයි මොවුන් මිය ගොස් ඇත්තේ

ප්‍රහාරයෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්

ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේදී පලස්තීනුවන් 1,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Share This