ඕස්ට්‍රේලියානු අගමැතිවරයා චීන ජනපති හමුවීමේ සූදානමින්

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා චීන ජනපති හමුවීමේ සූදානමින්

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese සහ චීන ජනාධිපති Xi Jinping අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බීජිං හිදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය සෙනසුරාදා දිනයේ ෂැංහයි වෙත පැමිණි Anthony Albanese 2016 වසරෙන් පසු චීනයට පැමිණි පළමු ඕස්ට්‍රේලියානු නායකයාද වන බවයි පැවසෙන්නේ

මෙම සංචාරය අතරතුර වෙළඳාම පිළිබඳව න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ගනු ඇති බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එරට භාණ්ඩ සඳහා චීන තීරුබදු ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

චීන ජනපති ෂී ජින්පින් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියානු අංශ වෙත වැඩි ප්‍රවේශයක් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This