අයර්ලන්තයේ සිදුවූ අනතුරු තුනකින් 4ක් ජීවිතක්ෂයට

අයර්ලන්තයේ සිදුවූ අනතුරු තුනකින් 4ක් ජීවිතක්ෂයට

අයර්ලන්තයේදී ඊයේ (06) සිදුවූ අනතුරු තුනකින් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඩොනගල් ප්‍රාන්තයේ සිදු වූ වාහන අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවයි.

දෙවන අනතුරෙන් විදුලි බයිසිකලයක් පැදවූ පාපැදිකරුවෙකු මිය ගොස් තිබෙන අතර මොනාගන් ප්‍රාන්තයේ සිදු වූ තුන්වන අනතුරෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව 2023 වසරේ මේ දක්වා අයර්ලන්තයේ මාර්ගවල පුද්ගලයන් 165 දෙනෙකු මිය ගොස් තිබෙන බවත් 2022 වසරේදී මිය ගිය සංඛාවට වඩා පුද්ගලයින් 37 ක් වැඩි බවත් සඳහන්

Share This