ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සටන් විරාම නැහැ – ඊශ්‍රායලය

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සටන් විරාම නැහැ – ඊශ්‍රායලය

ඊශ්‍රායල ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානියා සමග මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) අධ්‍යක්ෂවරයා ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ උත්සාහය පිළිබඳව සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා

හමාස් වෙතින් ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ සැලසුම් සම්බන්ධයෙන් CIA ඊශ්‍රායල බුද්ධි අංශ සමග කටයුතු කරන බවයි එරට ආරක්ෂක හමුදාවන් (IDF) සඳහන් කරන්නේ

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඇස්තමේන්තු කරන්නේ සිවිල් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළුව හමාස් විසින් ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 240ක් රඳවාගෙන සිටින බවයි.

සටන්කාමී කණ්ඩායම විසින් ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු පමණක් නිදහස් කර තිබෙනවා

කෙසේවෙතත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සටන් විරාමයක් නොපවත්වන බව ඊශ්‍රායලය අවධාරණය කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This