හොලිවුඩ් නළුවන්ගේ සංගමය වර්ජනය අවසන් කිරීමට තාවකාලික ගිවිසුමකට එකඟ වෙයි

හොලිවුඩ් නළුවන්ගේ සංගමය වර්ජනය අවසන් කිරීමට තාවකාලික ගිවිසුමකට එකඟ වෙයි

මාස ගණනාවක් තිස්සේ පැවති වැඩවර්ජනය අවසන් කිරීම සඳහා හොලිවුඩ් චිත්‍රාගාර සමග තාවකාලික ගිවිසුමකට එකඟ වී ඇති බව නළුවන්ගේ සංගමය Sag-Aftra පවසනවා.

Sag-Aftra සංගමය දින 118ක වසා දැමීම අවසන් කරමින් ඒකමතික ඡන්දයකින් Motion Picture සහ TV Producers (AMPTP) සන්ධානය සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ඔවුන් පවසන්නේ වර්ජනය නිල වශයෙන් බ්‍රහස්පතින්දා අවසන් වන බවත් සිකුරාදා දිනයේ පැවැත්වෙන රැස්වීමකින් අනතුරුව පසු වැඩි විස්තර ප්‍රකාශයට පත් කරන බවත්ය.

නළු නිළියන්ට වඩා හොඳ වැටුපක් සහ කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ ආරක්‍ෂාව ඉල්ලා සිටින බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා

Sag-Aftra කර්මාන්තයේ සාමාජිකයින් 160,000 ක් පමණ නියෝජනය කරමින් ජුලි 14 සිට වැඩ වර්ජනයක නිරත වුණා

චිත්‍රපට ප්‍රමාදයන් මෙන්ම, හොලිවුඩ් තරු වැඩ වර්ජනය පවතින අතරතුර චිත්‍රපට මංගල දර්ශන වැනි උත්සවවලටද සහභාගී වූයේ නැහැ

වෘත්තීය සමිති නීති මගින් ව්‍යාපෘති සඳහා ප්‍රවර්ධනය හෝ ප්‍රචාරණය ඇතුළු සිදුවන කිසිදු කාර්යයක් කිරීමද තහනම් කර තිබෙනවා .

වැටුප් වැඩි කිරීම සහ AI සහතික කිරීම් වලට අමතරව, Sag-Aftra විසින් නළුවන්ගේ විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සැලසුම් සඳහා වැඩි කර්තෘභාග සහ ඉහළ දායකත්වයක් ඉල්ලා ඇති බවද පැවසෙනවා

අමෙරිකාවේ ලේඛක සංසදය (WGA) මාස පහකට ආසන්න කාලයකට පසු සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ වර්ජනය අවසන් කරනු ලැබුවා .

 

Share This