සංක්‍රමණිකයන් 123 දෙනෙකු මෙක්සිකෝ බලධාරීන් විසින් සොයා ගැනේ

සංක්‍රමණිකයන් 123 දෙනෙකු මෙක්සිකෝ බලධාරීන් විසින් සොයා ගැනේ

මෙක්සිකෝවේ මධ්‍යම ප්‍රාන්තයේ San Luis Potosiහි ප්‍රාන්තයේ ට්‍රේලරයක සිරවී සිටි පුද්ගලයින් 123 දෙනෙකු එරට බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා .

ඔවුන් අතර ළමුන් 34 දෙනෙකු සිටින බවයි මෙක්සිකෝ ආගමන ඒජන්සිය පවසන්නේ .

මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 600 උතුරින් Matehuala ප්‍රදේශයෙන් මොවුන් සොයාගෙන ඇති අතර බොහෝ පිරිසක් ග්වාතමාලාව, නිකරගුවාව සහ හොන්ඩුරාස් වලින් පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සංක්‍රමණිකයන් ගමන් කරන්නේ කොතැනටද යන්න පිළිබඳව තොරතුරු ලබා දී නැති නමුත් බොහෝ දෙනෙක් එක්සත් ජනපදයට ළඟා වීමේ බලාපොරොත්තුවෙන් ඒ හරහා ගමන් කරනු ඇති බව නිලධාරීන් විශ්වාසය පළ කරනවා

අගුලු දැමූ ට්‍රේලරයකින් කෑගැසීම් ඇසෙන බව ප්‍රදේශවාසියෙකු වාර්තා කිරීමෙන් පසු ඔවුන් සොයා ගත් බවයි මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය (INM) ප්‍රකාශ කළේ

ඔවුන්ට ආහාර සහ වෛද්‍ය ආධාර ලබා දෙන අතර තත්ත්වය සමනය වන තුරු නවාතැන් ලබා දෙන බව ද එම ආයතනය සඳහන් කරනවා

මෙම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි මත යැපෙන අතර, පැහැරගැනීම් සහ කප්පම් ගැනීම්වලටද ගොදුරු වන බව සඳහන්

එක්සත් ජනපද බලධාරීන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමණිකයන් මිලියන 2.2 කට වඩා රඳවා තබා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This