සෝමාලියානු ජනාධිපතිවරයාට ශල්‍යකර්මයක්

සෝමාලියානු ජනාධිපතිවරයාට ශල්‍යකර්මයක්

සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සාර්ථක උරහිස් සැත්කමකට භාජනය කර ඇති බව එරට ජනාධිපති කාර්යාලය පවසනවා .

ජනාධිපතිවරයා සුවය ලබන බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කර ඇති නමුත් උරහිසට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහන් කර නැහැ .

ඔහු දින කිහිපයක් අබුඩාබියේ රැඳී සිටිමින් ඉහළ පෙළේ නිලධාරීන් ද හමුවූ බවයි රජයට අයත් සෝමාලි ජාතික පුවත් ඒජන්සිය (සොනා) වාර්තා කරන්නේ .

පසුව ජනාධිපතිවරයා සෞදි-අප්‍රිකා සමුළුවට සහභාගි වීම සඳහා සෞදි අරාබියේ රියාද් නුවරට ගොස් තිබෙනවා .

Share This