අමෙරිකාවේ ආදායම් අසමානතාවය වර්ධනය වෙමින් තිබියදී ආසියාවේ තත්ත්වය

අමෙරිකාවේ ආදායම් අසමානතාවය වර්ධනය වෙමින් තිබියදී ආසියාවේ තත්ත්වය

ඉන්දියාව අන්ත දරිද්‍රතාවයෙන් සිටින එරට වැසියන් මුදා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව මිචිගන් විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්ය Justin Wolfers පවසනවා.

මෙය ගෝලීය ආර්ථික අසමානාත්මක බව අඩුකිරීමට උපකාරී වනු ඇති බවයි විදෙස් මාධ්‍යවේදී ශ්‍රිජන මිත්‍ර දාස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ.

එහිදී තමන් මෑතකදී සිදුකළ අධ්‍යයනයක් පිළිබඳ අදහස් පල කරමින් Justin Wolfers පැවසුවේ ඉන්දියාවේ නැගී එන ආර්ථිකය එරට දරිද්‍රතාවයට එරෙහි වැඩසටහනට මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බවයි.

මීට පෙර චීනය විසින් එරට මිලියන ගණනක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගත් බවත් අද ඉන්දියාවේ නැගී එන ආර්ථිකය බොහෝ දුරට ඊට සමාන දෙයක් කරමින් සිටින බවත් ඔහු පෙන්වා දෙනවා.

ඉන්දියාවේ ශක්තිමත් ආර්ථිකය මගින් මිලියන සියගණනක් යහපත් ජීවන තත්වයන්ට ඔසවා තබනු ලබනවා.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී Justin Wolfers පෙන්වාදෙන්නේ, අමෙරිකාවේ පවා ආදායම් අසමානතාවය දශක හතරක් තිස්සේ වර්ධනය වෙමින් පවතින බවයි

Share This