ඩෙබි කුණාටුව නිසා උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං

ඩෙබි කුණාටුව නිසා උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං

අයර්ලන්ත දූපත් හරහා තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරමින් ඩෙබි කුණාටුව ගොඩබිමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .

උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පිළිබඳ කහ අනතුරු ඇඟවීමක් සහ ඩවුන් සහ අර්මාග් ප්‍රාන්තවල කොටස් සඳහා ඇම්බර් සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා .

අයර්ලන්ත ජනරජයේ, රතු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත 14 ක් සඳහා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කාලගුණ විද්‍යා සේවය Met Éireann පැවසුවේ ගංවතුර, අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවධානමක් පවතින බවයි.

අයර්ලන්ත ජනරජයේ රතු අනතුරු ඇඟවීමේ ප්‍රදේශවල පාසල් ඇරඹීම එරට දේශීය වේලාවෙන් 10:00 දක්වා ප්‍රමාද කරන ලෙසද ඉල්ලා තිබෙනවා .

Share This