ඉන්දියාවේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් 40ක් සිර වෙයි

ඉන්දියාවේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් 40ක් සිර වෙයි

උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් කම්කරුවන් පිරිසක් ඒ තුළ සිරව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව සේවකයින් 40 දෙනෙකු පමණ ඒ තුළ සිරව ඇති බව සඳහන්

ඊයේ (12) කම්කරුවන් විසින් උමග ඉදිකරමින් සිටින අවස්ථාවේ එහි කොටසක් නාය යාමකට ලක්ව තිබුණා

සහන සේවකයින්ඔ විසින් ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිකිරීම් කටයුතු සඳහා උමඟට ජලය සැපයීම සඳහා යොදා ගත් නළ මාර්ගයක් මේ වන විට ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීම සඳහා යොදා ගන්නා බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්

Share This