ගාසා තීරයේ විශාලතම රෝහල “සුසාන භූමියකට” ආසන්නයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ විශාලතම රෝහල “සුසාන භූමියකට” ආසන්නයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා සුසාන භූමියකට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා

සිරුරු රැසක් රෝහල ඇතුළත සහ පිටත ගොඩගැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

එමෙන්ම නොමේරූ ළදරුවන් රැසකට සහ ඩයලිසිස් අවශ්‍ය වකුගඩු රෝගීන් 45 දෙනෙකුට බලය නොමැතිකම හේතුවෙන් නිසි ප්‍රතිකාර කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා

පසුගිය දිනවල ගාසා නගරයේ රෝහල ආසන්නයේ සටන් ඇවිලී ගිය අතර පවතින ඉන්ධන හිඟය ප්‍රතිකාරවලට බලපා ඇති බවද සඳහන් .

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගොස් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි .

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ 4,500 කට වැඩි ළමුන් පිරිසක් ඇතුළුව 11,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බවයි

පුද්ගලයින් 600 ක් පමණ රෝහලේ රැඳී සිටින අතර අනෙක් අය ශාලාවල නවාතැන් ගෙන සිටින බව WHO හි ප්‍රකාශකයෙකු වන ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් සඳහන් කරනවා

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ අවම වශයෙන් පුද්ගලයින් 2,300ක් තවමත් රෝහල තුළ සිටින බවයි.

 

Share This