සෞදි අරාබිය වෙත ගමන් කරමින් සිටි නයිජීරියානුවන් 170කට වැඩි පිරිසක් ආපසු හරවා යවයි

සෞදි අරාබිය වෙත ගමන් කරමින් සිටි නයිජීරියානුවන් 170කට වැඩි පිරිසක් ආපසු හරවා යවයි

සෞදි අරාබිය වෙත ගුවන් යානයකින් ගමන් කරමින් සිටි නයිජීරියානුවන් 170 කට වැඩි පිරිසක් ආපසු හරවා යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ ඔවුන්ගේ වීසා බලපත්‍ර හදිසියේ අවලංගු කළ බව වාර්තා වීමෙන් පසුවයි

නයිජීරියාවේ ලාගෝස් සහ කැනෝ නගරවලින් පිටත්ව ගිය මගීන් 264 දෙනෙකුට වීසා බලපත්‍ර ලැබී ඇති අතර ගුවන් යානයට ගොඩවීමට පෙර දැඩි පරීක්‍ෂණවලට ඔවුන් භාජනය වී තිබෙනවා

කෙසේ වෙතත්, සියලුම වීසා බලපත්‍ර අවලංගු කර ඇත්තේ ඔවුන් ගුවනින් ගමන් කරන අතරතුරදී බවයි වාර්තා වන්නේ .

ඔවුන් පැමිණෙන විට, සෞදි බලධාරීන් ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ බවත්, නැවතත් නයිජීරියාවට යන ලෙස ඔවුන් රැගෙන ආ ගුවන් සමාගමට උපදෙස් දුන් බවත් වාර්තා වනවා

සෞදි බලධාරීන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ .

සෞදි අරාබිය එහි නයිජීරියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පසු අවසානයේ මගීන් 87 දෙනෙකුට ඇතුළු වීමට අවසර දුන් බවයි සඳහන් වන්නේ

නමුත් සඳුදා රාත්‍රියේ 177ක් නයිජීරියාවට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This