මොරිටේනියා වෙරළ තීරයෙන් සංක්‍රමණිකයන් 16 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

මොරිටේනියා වෙරළ තීරයෙන් සංක්‍රමණිකයන් 16 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

මොරිටේනියා බලධාරීන් පවසන්නේ සංක්‍රමණිකයන් යැයි සැලකෙන පුද්ගලයන් 16 දෙනෙකුගේ සිරුරු එරට උතුරු වෙරළ තීරයෙන් හමුවී ඇති බවයි.

Lagouera වෙරළ තීරයේ සොයා ගැනීම සිදු වන්නේ එම ප්‍රදේශයේම, Nouadhibou නගරයට ආසන්නයේ බෝට්ටු 13 ක් සොයා ගැනීමෙන් සතියකට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අසල්වැසි සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත ළඟා වීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් මෑතකදී දක්නට ලැබෙන බවත් ජනවාරි සිට 23,000කට වැඩි පිරිසක් බෝට්ටු මගින් එහි පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

Share This