දිල්ලියේ වායු දූෂණය අවම කරන්න කෘත්‍රිම වැස්සක්

දිල්ලියේ වායු දූෂණය අවම කරන්න කෘත්‍රිම වැස්සක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය අවම කිරිමට රජය කෘත්‍රිම වැසි සෑදීමේ ක්‍රමයක් පිළිබඳව සලකා බලමින් සිටින බව ඉන්දියාවේ පරිසර අමාත්‍යවරයා සඳහන් කරනවා.

සැලැස්මේ ඵලදාව රඳා පවතින්නේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ සමහර විට ෆෙඩරල් අමාත්‍යාංශ ගණනාවක අනුමැතිය ලබා ගැනීම මත බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එය සිදුවුවහොත් කාලගුණික තත්ත්වයන් අනුව මෙම මස අගදී මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බව අමත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

දිල්ලියේ වායු දූෂණය සඳහා විය හැකි විසඳුමක් ලෙස කෘත්‍රිම වැසි යෝජනා කළ පළමු අවස්ථාව මෙය නොවේ.

නමුත් සමහර පරිසර විශේෂඥයින් පවසන්නේ එය සංකීර්ණ, මිල අධික ක්‍රියාකාරකමක් වන බවයි.

එමගින් පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ කාර්යක්ෂමතාව සම්පුර්ණයෙන්ම ඔප්පු වී නොමැති අතර එහි දිගුකාලීන පාරිසරික බලපෑම අවබෝධ කර ගැනීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය වන බවද පරිසර විශේෂඥයින් පෙන්වා දෙනවා.

Share This