රුසියාව හා ෆින්ලන්තයත් ගැටෙයිද?

රුසියාව හා ෆින්ලන්තයත් ගැටෙයිද?

රුසියාවේ මොස්කව් සිට පැමිණෙන සරණාගතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන නිසා එය පාලනයට ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ හරස් මාර්ග හතරක් වසා දමා තිබෙනවා.

ෆින්ලන්තයේ අගනුවර වන Helsinki විසින් රුසියාවට චෝදනා කරන්නේ තමන් Nato සංවිධානය සමග සම්බන්ධ වීම නිසා පළිගැනීමක් ලෙස සංක්‍රමණිකයන් හරස් මාර්ග වෙත යොමු කරන බවයි.

හරස් මාර්ග වසා දමමින් ෆින්ලන්තය විශාල වැරැද්දක් කරන අතර එමගින් ෆින්ලන්තය ද්විපාර්ශ්වික සබඳතා විනාශ කරන බව රුසියාවේ Kremlin ප්‍රකාශක Dmitry Peskov පවසනවා.

දේශසීමා ආරක්ෂකයින් පවසන පරිදි මේ සතියේ සරණාගතයින් 300 ක් පමණ ෆින්ලන්තයට පැමිණ තිබෙනවා.

ෆින්ලන්ත දේශසීමා ආරක්ෂක බළකාය පැවසුවේ ඊයේ(16) මධ්‍යම රාත්‍රියේ සිට ගිනිකොනදිග ෆින්ලන්තයේ Vaalimaa, Nuijamaa, Imatra සහ Niirala දේශසීමාවල බාධක යොදන බවයි.

මෙම හරස් මාර්ගවලින් සිරියාව, යේමනය සහ ඉරාකය ඇතුළු රටවල පුරවැසියන්ගේ නීතිවිරෝධී ලෙස ෆින්ලන්තයට ඇතුළු වන බවද සඳහන්.

Share This