අමෙරිකාවේ මනෝ චිකිත්සක රෝහලක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ මනෝ චිකිත්සක රෝහලක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ කොන්කෝඩ් හි නිව් හැම්ප්ෂයර් මනෝ චිකිත්සක රෝහලේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා

වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා රෝහලේ ආලින්දයට ඇවිද ගොස් එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර ආරක්ෂක නිලධාරියෙකු අනතුරුව ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කෙසේ වෙතත් අදාළ ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

නිව් හැම්ප්ෂයර් රෝහල උග්‍ර මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කරන ඇඳන් 185 කින් යුත් නේවාසික රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා ස්ථානයක් වනවා.

Share This